තියුණු ආයුධයකින් පහරදී නාඋල ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙපාර්ශවයක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා කෝන්ගහවෙල සහ මාතලේ රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූවන් අතර මියගිය පුද්ගලයාගේ පියා සහ සහෝදරයින් දෙදෙනා ද වන බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ 30 හැවිරිදි දඹගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නාඋල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර වවුනියාව ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
බහින්බස් වීමක් දුරදිගයාමෙන් ඇති වු ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වවුනියාව පොලීසිය සඳහන් කළේය.

Post a Comment