ජවිපෙ අධාරකරුවාගේ ඝාතනයට සන්ධානයේ 6ට අධිචෝදනා

2006 වසරේ පැවති පළාත් සභා ඡන්ද විමසීම සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් 06 දෙනෙකුට අධිචෝදනා ගොණු කර තිබේ.

උතුරුමැද පළාත් බද මහාධිකරණයේ දී නිතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරියක් විසින් එම අධිචෝදනා බාරදී ඇත.


ඒ අනුව මේ මස 08 වන දින යළි අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරුවන්ට නියෝග කර තිබේ.


බන්දුල කරුණාරත්න නැමති අයෙකුට තදබල ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොණුකර ඇත.



Post a Comment