මහරගම වෙඩි තැබීමක් - 2ක් රෝහලේ

මහරගම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(01) රාත්‍රීයේ වෙළෙඳසැලක් කොල්ලකෑමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.


ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


කොල්ලකරුවන් වෙළෙඳසැලෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් කොල්ලකා ඇති අතර මහරගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.



Post a Comment