සැප බසයක් පෙරළී 10ට තුවාලයි

ගාලු පාර, වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ආසන්න ප්‍රදේශයේ දී සුඛෝපභෝගි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ අද අළුයම 05.30ට පමණ අනතුර සිදුව ඇති බවයි.


අනතුරෙන් තුවාල ලැබූවන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.


ඇල්පිටිය දෙස සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් මෙම අනතුරට මුහුණ පා තිබේ.



Post a Comment