හාලිඇළ නිවසක අභිරහස් මළ සිරුරක්

බදුල්ල, හාලිඇළ කුයින්ස්ටන්වත්ත ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

බදුල්ල පොලීසියට ලද තොරතුරක් මත අද(07) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.


මියගොස් ඇත්තේ 95 හැවිරිදි කාන්තාවක වන අතර මළ සිරුරේ සීරීම් තුවාල දක්නට ඇති බව පොලීසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment