රිල්පොළින් තවත් මළ සිරුරු 3ක් මතුවෙයි

බදුල්ල , හාලිඇළ , රිල්පොළ ප්‍රදේශයේ නායගිය ස්ථානයෙන් තවත් මළ සිරුරු තුනක් සොයාගෙන තිබේ.

අද පෙරවරුවේ බදුල්ල පොලිසිය සහ සහන කණ්ඩායම් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි මෙම මළ සිරුරු සොයාගෙන ඇති බවයි වාර්තා වෙයි .


පිරිමි මළ සිරුරක්, කාන්තා මළ සිරුරක් සහ බිළිඳු මළ සිරුරක් මෙලෙස සොයාගත් මළ සිරුරු අතර වන බව පොලිසිය පැවසුවේය.


මේ වන විට මළ සිරුරු බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.



Post a Comment