නිදහස ලැබූ ධීවරයින් 30ක් ඇවිත්

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කරමින් නිදහස ලැබු මෙරට ධීවරයින් පිරිස කන්කසන්තුරේ ධීවර වරාය වෙත පැමිණි තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි අත්අඩංගුවේ පසුවු මෙරට ධීවරයින් 30 දෙනෙකු මෙලෙස කන්කසන්තුරේ වරායට පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.


මේ අතර මෙරට අත්අඩංගුවේ සිට ඊයේ දිනයේ නිදහස ලැබු ඉන්දීය ධීවරයින් පිරිස එරට කරයිකාල් වරාය වෙත පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


ඉන්දීය ධීවරයින් 66 දෙදෙනෙකු ඊයේ දිනයේ නිදහස් කළ අතර ඔවුන් නාගපට්නම්, පුදුකොට්ටායි සහ රාමේෂ්වරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.



Post a Comment