මෛත්‍රීගේ වේදිකාවට වෙඩිතැබීම-පොලිසියේ දෙදෙනෙකුගේ වැඩතහනම්

වැල්ලම්පිටිය, උමගිලිය ක්‍රීඩාංගණයේදී අද (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට ආරක්ෂාව සැපයීමට අදාළව රාජකාරි නිසි ලෙස ඉටු නොකළ බවට චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී පොලිස් ජංගම රථයක රාජකාරි කටයුතු කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩතහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.


ඊයේ මැදියම් මැතිවරණ වේදිකාවට කිසියම් පිරිසක් විසින් වෙඩිතබන ලද ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු 15ත් 20ත් අතර සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව පොලීසිය පවසා තිබුණි.



Post a Comment