මැලේරියා මරණ භාගයකින්ම අඩු කළා

මැලේරියා රෝගයෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව අඩකින් අවම කිරීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

2001 වසරේ සිට 2013 වසර දක්වා මිලියන 4යි දශම 3ක පුද්ගලයින් පිරිසක් මැලේරියා රෝගයෙන් මියයාම වළක්වා ගැනීමට හැකි වී ඇති බව එම සංවිධානය පෙන්වාදෙයි.


ඉන් මිලියන තුනයි දශම නවයක් අප්‍රිකානු කලාපයේ ජීවත් වන වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් බව සඳහන්ය.


2004 වසරේ දී සියයට 3ක ජනගහණයක් මදුරු දැල් භාවිතය ආරම්භ කළ ද මේ වන විට එය සියයට 50 ප්‍රතිශතය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.


2013 වසරේ දී ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය මැලේරියා රෝගීන්ගෙන් තොර රටවල් බවට ප්‍රකාශයට පත්කිරීම ද සුවිශේෂී ජයග්‍රහණයක් බව එම සංවිධානය පෙන්වාදෙයි.


ඊට අමතරව ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඊජිප්තුව, ජෝර්ජියාව, ඉරාකය, කිරිකිස්තානය, මොරොක්කෝව, ඕමානය, පැරගුවේ, ටර්ක්මෙනිස්ථාන් සහ උස්බෙගිස්ථානය යන රටවල් ද මැලේරියා රෝගයෙන් තොර රටවල් බවට ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.



Post a Comment