චීනයට මැණික් ගල් ගෙනියන්න බැරිවෙයි

නීති විරෝධී ලෙස මැණික් ගල් තොගයක් මෙරටින් ගෙනයාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ, ෂැංහයි බලා යාමට පැමිණි බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මැණික් ගල් 218ක් සොයාගෙන ඇති අතර ඒවායේ බර කැරට් 548ක් පමණ වන බව සඳහන්ය.


එම මැණික් ගල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 54කට අධික බව ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.


අදාළ මැණික් තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වු දඩ මුදල් දෙකක් මත මුදාහැර තිබේ.



Post a Comment