කොන්දේසී නෑ - මහින්ද දිනවන්න පූර්ණ සහයදෙනවා

ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා කිසිදු කොන්දේසියකින් පූර්ණ සහයෝගය ලබාදෙන බව බොදුබල සේනා සංවිධා‍නයේ මහලේකම් පූජ්‍ය ගල‍ෙබාඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

27,000ක් රණවිරුවන් දිවිපුදා බේරාගත් රට යළි අස්ථාවර කිරීමට රූකඩ නායකයෙකුට ඉඩ නොදෙන බවද උන්වහන්සේ කොළඹදී අද (24) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.


පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිය “ඇහින්දාස්” ප්‍රතිපත්තියක් බවද, මේකී කුමන්ත්‍රණය තේරුම් ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසීය.


“එකට කාලා බීලා දැන් පංගුව මදිවෙලා මඟුලක් කියවනවා” යැයි ඥානසාර හිමියන් පෙන්වාදුන්නේය.


“මහින්ද රාජපක්ෂලා කියන්නේ අන්තිම කාලේ වෙහෙර විහාර හදලා වන්දනා මාන කරන්න ඕන” පිරිසක් යැයිද වංචා දූෂණ තිබුණා නම් මුලදීම ඔවුන්ට ඒ ගැන කියලා හදා ගන්න ඉඩ තිබුණා යැයිද උන්වහන්සේ කියා සිටියේය.


“ජක් ගොනා” කියපු ගමන් දක්කන්න පුළුවන් අපේක්ෂකයෙක් පොදු විපක්ෂය විසින් මැතිවරණයට ඉදිරිපත් කර ඇතැයිද පැවසූ උන්වහන්සේ රතන හාමුදුරුවන් බෞද්ධයින්ගේ ප්‍රශ්න ගැන කතා කළා නම් වඩාත් හොඳ බවද, ඥනසාර හිමියන් පැවසුවේය.


එසේ වූවා නම් මෙලෙස රැඩිකල් වීමට රතන හිමියන්ට අවශ්‍යතාවයක් නැතැයිද උන්වහන්සේ පෙන්වාදුන්නේය.


කෙසේ වුවද බොදුබල සේනා සංවිධානය විසින් මීට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවලදී ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ලබාදෙන්නේ කවර පාර්ශවයටදැයි පැහැදිළි ප්‍රකාශයක් කර නොතිබුණි.


බොදුබල සේනා සංවිධානය මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන්නේ නම් තමන් සන්ධානය තුළ නොසිටින බව පසුගියදා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද පවසා තිබිණ.


නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පසුගිය (12) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු ලෙසය.



Post a Comment