වයිකොගෙන් ඉන්දීය රජයට දොස්

භාරතීය ජනතා පක්ෂ රජය ඉන්දීය ධීවරයින්ගේ ජිවිත සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බව තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝ පවසයි.

ඉන්දීය ධීවරයින්ට විවිධ හිරිහැර සිදුවෙමින් පවතිද්දී වුවද, ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමට භාරතීය ජනතා පක්ෂ රජය කටයුතු කරමින් සිටින බව ඔහු පෙන්වාදෙයි.


මීට පෙර කොංග්‍රස් පක්ෂ රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියම භාරතීය ජනතා පක්ෂ රජය ද අනුගමනය කරමින් සිටින බව වයිකෝ ප්‍රකාශ කර ඇත.


තමිල්නාඩු දෙමළ ජනතාව භාරතීය ජනතා පක්ෂ රජයේ මෙම ක්‍රියාපිළිවෙත අනුමත නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



Post a Comment