මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද කුට්ටි වලට රැ‍වටෙන්න එපා - හෙළ උරුමය ආණ්ඩුවට කියයි

මෙවර ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජනතාවගේ සහය රජයට ලබාදීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස කල්මුණේ වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රීක්කයක් ලෙස ඉල්ලා සිටීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.

මෙලෙස රටේ දිස්ති‍්‍රක්ක ජනවාර්ගික හා ආගමික පදනමින් බෙදා වෙන්කිරීමට යෝජනා කිරීම හෙළාදකින බවත්, මැතිවරණ කොන්දේසි මත පදනම්ව මුස්ලිම් ඡන්ද කුට්ටිවල නොරැවටෙන ලෙසත්, එම පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.


ජාතික හෙළ උරුමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ ගැන වැඩිදුරටත් මෙසේ ද සඳහන්ය.


ජනවාර්ගික හා ආගමික පදනමින් රටේ දිස්ති‍්‍රක්ක බෙදීමට යෝජනා කිරීම හෙළාදැකිය යුතුය.


ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ වාර්ෂික සම්මේලනයේ දී සම්මත කරගත් පරිදි අම්පාර දිස්ති‍්‍රක්කයේ මුස්ලිම් බහුතරයක් ජිවත්වන ඡන්ද කොට්ඨාස එක්කාසුකොට වෙනම මුස්ලිම් පරිපාලන දිස්ති‍්‍රක්කයක් පිහිටවන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.


ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක් සීමා නිර්ණය කිරීම් මෙලෙස වාර්ගික හෝ ආගමික පදනමක් මත බෙදා වෙන්කිරීම සඳහා කරන යෝජනාව ඉතා දැඩි ලෙස හෙළාදකින අතර ජාතික ආරක්‍ෂාවටත් ජාතීන් අතර ඒකාග‍්‍රතාවයටත් බරපතළ තර්ජනයක් එල්ල කරන බව අපගේ හැඟීමයි. මෙලෙස මුස්ලිම් දිස්ති‍්‍රක්කයක් ඉල්ලීම මගින් මුස්ලිම් ජනතාව අන් ජනතාවගෙන් බෙදා වෙන්කිරීමට සැලසුම් කිරීමේ කූඨ ජාතිවාදී සහ අන්තවාදයට රුකුල්දෙන කි‍්‍රයාවක් බව ද සඳහන් කළ යුතුය.


ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අතීතයේ සිටම වෙනම මුස්ලිම් කලාපයක් වෙනුවෙන් පෙනී සිටිමින් වරෙක ඔලිවිල් ප‍්‍රකාශනය මගින්ද මුස්ලිම් ජනතාවගේ අන්තවාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමක් කර ඇත.


මෙවර ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජනතාවගේ සහය රජයට ලබාදීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස මෙලෙස රටේ දිස්ති‍්‍රක්ක ජනවාර්ගික හා ආගමික පදනමින් බෙදා වෙන්කිරීමට යෝජනා කිරීම ජාතික හෙළ උරුමය දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කරයි. එසේම අප රජයට යෝජනා කර සිටින්නේ මෙලෙස මුස්ලිම් ඡන්ද කුට්ටි ලබාදීම සඳහා වරප‍්‍රසාද ඉල්ලා සිටියත් පසුගිය ඌව පළාත් සභාවේ දී හා මෑතක දී පවත්වන්නට යෙදුණු සියලූ මැතිවරණ වලදී බහුතර මුස්ලිම් ජනතාව රජයට පක්‍ෂපාතීව ඡන්දය ප‍්‍රකාශ කර නොමැති බවත්ය.


මෙවැනි අන්තජාතිවාදී හා ආගම්වාදී ඉල්ලීම් මගින් මුස්ලිම් ජනතාව හා රටේ සෙසු ජනතාව අතර බරපතළ විරසකයක් ඇති කිරීම මගින් ජාතික සමගිය හා ඒකාග‍්‍රතාවය සිදී බිඳී යනබව අපගේ විශ්වාසයි. එසේම මෙම බෙදුම්වාදි ඉල්ලීම් මගින් ශී‍්‍ර ලංකාවේ ඉදිරි අනාගතය පැහැදිවම අනතුරකට මුල පිරීම සිදුවන බවත් මෙවැනි දේශද්‍රෝහී ඉල්ලීම් ලත් තැනම ලොප් කිරීම වහාම සිදුකළ යුතු බවත් අවධාරණය කර සිටිමු.


නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ

මාධ්‍ය ලේකම්



Post a Comment