ඕනෑ නම් ලිඛිත සාක්ෂිත් දෙන්නම්

මෙරටට ගල් අඟුරු ගෙනඒමේ දී සිදුවු බව කියන වංචා පිළිබඳව සොයාබැලීමට බුද්ධිමය මණ්ඩලයක් පත්කළ යුතු බව තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ තොරතුරු ලිඛිත සාක්ෂි ලබාදීමට තමන් සුදානම් බවයි.


තවද ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගත් ගල්අඟුරුවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූවක් ඇත්නම් එහි පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි බැව්ද හෙතෙම කියයි.


එසේම තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වන අවස්ථාවේදී එම අමාත්‍යංශයට සෘජු පාඩුවක් සිදුනොවූ බවද ඔහු පවසයි.


ගල් අඟුරු, කැසිනෝ සහ බල දේශපාලනය පිළිබඳව හෙළිදරව් කිරීම සඳහා මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ බව පැවසීය.


නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 150ක පාඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා හෙළිදරව් වූ කරුණු මත පදනම්ව මේදිනවල දේශපාලන වේදිකාවේ ‍ෙමම මෘතෘකාව ගැන අදහස් පළ වෙයි.



Post a Comment