යතුරු පැදිකරුවන් දෙන්නාම මරුට

අහංගම නගරයේදී යතුරු පැදියක් කොළඹ සිට තංගල්ල ‍දෙසට ධාවනය වෙමින් තිබූ බසයක හැපී අවුරුදු 20ක අවුරුදු 32ක පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රී 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.


අතුරු පාරකින් පැමිණ යතුරු පැදිය ප්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමග මෙම අනතුර සිදුව ඇත.


මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අහංගම පොලීසිය පරීක්ෂණ සිදුකරයි.



Post a Comment