මීරියබැද්දෙන් මළ සිරුරු 12ක් - නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

නායයෑම් අවදානම් තත්ත්වයක් හේතුවෙන් රක්වාන ප්‍රදේශයේ පවුල් 35ක පිරිසක් නිවෙස් වලින් ඉවත් කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත අදාළ පිරිස ඉවත් කර ඇති බවයි.


මතුගම ප්‍රදේශයේ පාසලක් ද නායයෑමේ අවදානමකට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


මේ අතර කෑගල්ල, රත්නපුර, මාතලේ, නුවර , බදුල්ල , නුවරඑලිය සහ කළුතර යන දිස්ත්‍රික්ක වලට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.


පසුගිය දා කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ ඇති වු නායයෑමෙන් අතුරුදන්වු පුද්ගලයින් 12 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය .


තවත් පුද්ගලයින් 22 දෙනෙකු අතුරුදන්ව සිටින බව සඳහන්ය.



Post a Comment