ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උළෙලට ජනපතිටත් ඇරයුම්!

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනා කිරීම සඳහා නවසීලන්තයේ නිලධාරින් පිරිසක් අද (03) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

නවසීලන්තයේ ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නේදන් ගායි ඇතුළු නියෝජිතයින් පිරිසක් මේ සඳහා පැමිණෙන බව වාර්තා වේ.


මෙරටට පැමිණෙන නියෝජිත පිරිස විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා වෙත එම ආරාධනය බාර දීමට නියමිතය.


ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ පෙබරවාරි මාසයේ නවසීලන්තයේ දී සහ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි.



Post a Comment