බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරනවා

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා කටයුතු කර ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රෑන්කින් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර රැසකින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සඳහා බ්‍රිතාන්‍යයේ සහයෝගය පළ කරන බවයි.


ආගමික සහජීවනය, පුනරුත්ථාපන, යටිතලපහසුකම් සංවර්ධනය, ආර්ථික සංවර්ධනය ඇති කිරීම සහ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීම සඳහා දෙපාර්ශවය සහයෝගයෙන් කටයුතු කරන බව රැන්කින් මහතා ප්‍රකාශ කර ඇත.


අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු උන්වහන්සේ සමඟ සිදුකළ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.


නායයෑමෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් සිය රජයේ කනගාටුව පළකරන බව ද ජෝන් රැන්කින් මහතා පවසා ඇත.



Post a Comment