මීරියබැද්දෙන් තවත් මළ සිරුරු 2ක් හමුවෙයි

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයෙන් අද (03) පෙරවරුවේ තවත් මළ සිරුරු දෙකක් සොයාගැනීමට එම ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදාව සමත්ව තිබේ.

ඒ අනූව මෙම විපතින් මියගිය පුද්ගලයින් 7 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට හැකිව ඇත.


මීරියබැද්ද නායයාමෙන් පසු අවතැන් වූ ජනතාව මේවන විට එම ප්‍රදේශයේ පාසල් කිහිපයක තාවකාලිකව රඳවා තිබේ.


පස්වලට යටවී මියගොස් ඇති බවට සැකකරන පුද්ගලයින්ගේ සිරුරු සොයා යුද හමුදාව තවදුරටත් එහි මෙහෙයුම් සිදුකරනු ලබයි.



Post a Comment