හිටපු රේගු අධ්‍යක්ෂකට තවත් අල්ලස් නඩුවක්

හිටපු රේගු අධ්‍යක්ෂවරයෙකු වූ රන්ජන් කනකසබේ මහතාට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩු පවරා තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.


2004-2007 වර්ෂ වලට අදාළ වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වන චෝදනා ඊට හේතුවය.


එසේම හිටපු රේගු අධ්‍යක්ෂවරයා සිය පාලන කාලයේ දී රු. ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම විසින් මීට පෙරද නඩු පවරා තිබේ.



Post a Comment