දිනූ දේශය රැක ගැනීමට සියලුදෙනා කැපවිය යුතුයි

දිනූ දේශය රැක ගැනීමට සියලුදෙනා කැපවී කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විදෙස් රටවල ත්‍රස්තවාදය තවමත් ක්‍රියාත්මක වෙමින් තිබුණ ද මෙරටට එවැනි තත්ත්වයක් නැවත උදාකර ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.


අද (11) පෙරවරුවේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරයි.


එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මහපොළවේ සාරවත් බව සහ රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පිළිබඳ මෙරට ජනතාව තුළ විශ්වාසය ගොඩනැගී ඇති බවයි.


කෘෂිකර්මාන්තයෙන් මෙරට ගොඩ නැගීමට වත්මන් රජය කටයුතු නොකළේ නම් විදේශීය රටවල ඇතැම් ඉල්ලීම් හමුවේ අවනත වීමට සිදුවනු ඇති බව ද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



Post a Comment