ගම්මන්පිලගෙන් 100 ඉල්ලා හෙළ උරුමය පාරට බසියි

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනතාවගෙන් රුපියල් 100 බැගින් අය කර ගත් මුදල් නැවත ඉල්ලා ජාතික හෙළ උරුමය හෙට (15) උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

හෙට පස්වරුවේ බොරැල්ලේදී මෙම විරෝධතාවය පවත්වන බව හෙළ උරුමය පවසයි.


යහපාලනය වෙනුවෙන් කැප වන බව පවසමින් උදය ගම්මන්පිල මහතා මෙම මුදල් එක්රැස් කළ බව හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.


ඉකුත් පළාත් සභා මැතිවරණයේදී ජනතාව තමන් වෙත ලබාදුන් ආධාර මුදල රුපියල් හතළිස් තුන් ලක්ෂ නවදහස් අටසියයක් බව ගම්මන්පිල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණ.


එම මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදා ගත් ආකාරයද ඔහු විසින් අනාවරණය කරන ලදී.



Post a Comment