කුණුහරුප කියමින් මරාගත් ගීතා - ප්‍රසන්න ඇල්පිටියේදී එකට කොටති

ගෙදර දෙන්න දෙමහල්ලන්ගේ අරියාදුව පවතින්නේ ගෙදර බත්හැළිය ඉදෙනකම් යැයි පැරැන්නන් අතර කතාවක් තිබේ.දේශපාලනඥයන් අතර ඇතිවන ආරවුල්ද බොහෝ දුරට ඒ ප්‍රස්ථා පිරුළට සමාන යැයි සිතේ.

බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය, දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් ප්‍රසන්න මහතා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා අතර ඉකුත් 15දා ආරවුලක් ඇතිවූයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. ඉන්පසු ගීතා කුමාරසිංහ මහත්මියව බෙන්තර-ඇල්පිටිය සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අජිත් ප්‍රසන්න මහතා උපවාසයක්ද කෙළේය.

එහෙත් පෙරේදා (28දා) මේ තිදෙනා එකම ජන හමුවක එකම වේදිකාවක එකට හිඳගෙන කතාබහ කළහ.විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කළුගල්විල - ගුල්පාගොඩ පාලමේ ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කරමින් ගීතා කුමාරසිංහ, අජිත් ප්‍රසන්න සහ ගුණරත්න වීරකෝන් යන මහත්ම මහත්මීන් උදලු ගෙන පස් පිඩැලි ඉවත් කළ අයුරුයි මේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment