අම්බලන්තොටදී පුද්ගල ඝාතනයක්

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු තරුණයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.


ඝාතනය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment