අවි නිෂ්පාදනාගාරයක් වටලයි - 7ක් මාට්ටු

නීති විරෝධී ලෙස අවි නිෂ්පාදනාගායක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු රක්වාන, අටකලම්පන්න ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදනය කරන ලද රිවෝලවර් 04ක්, විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක්, එම උණ්ඩ 05ක් , ගින් අවි නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා යකඩ විදින යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් පොලිසිය බාරයට ගෙන තිබේ.


සැකකරු විසින් නිෂ්පාදිත ගිනි අවි භාවිත කරන ලද පුද්ගලයින් 07 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


ඔවුන් මාදම්පේ, රත්නපුර , රක්වාන, නවගමුව සහ හංවැල්ල ප්‍ර දේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.


සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment