මේ අනතුර බලධාරීන්ට නොපෙනේද?

කොළඹ සිට පුත්තලම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

කිලෝ වොට් 132,000 ක් මෙම මාර්ගයේ සම්ප්‍රේෂණය කරන බව විදුලිබල මණ්ඩලය කියයි.


හලාවත - මණ්ඩලාන ප්‍රදේශයේ පිහිටි සම්ප්‍රේෂණ මාර්ගයේ එක් කණුවක ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න 12 වැනිදා රාත්‍රීයේ සිට පවතින බව ගම්වාසීහු කියා සිටිති.


පවතින තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ විදුලිය සම්ප්‍රේෂණ අංශය දැනුවත් කර ඇති බවත්, එම අංශයෙන් පැමිණෙන තුරු වෙනත් කළ හැකි දෙයක් නොමැති බවත්, විදුලිය මණ්ඩලයේ හලාවත කාර්යාලයේ නිලධාරියෙකු පැවසූ බව අප වාර්තාකරු කියයි.



Post a Comment