වරාය කන්ටේනර් රියදුරන්ගේ විරෝධය තවදුරටත්

වරාය රේගු සහ ආරක්ෂක නිලධාරීන්ගේ ක්‍රියා කලාපයට විරෝධය පා කන්ටේනර් රථ රියැදුරන් හා සහයකයින් ඉඟුරුකඩේ මන්සන්ධියේදී වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රීයේ සිට ආරම්භ කළ විරෝධතාවය මේවන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

වරාය තුළට කන්ටේනර් රථ ඇතුළු කිරීමේදී සිදුවන බව කියන ප්‍රමාදය මුල් කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.


කන්ටේනර් මතට නැඟ වරායේ සේවකයින් පිරිසක් ඊයේ රාත්‍රීයේ මෙම විරෝධතාවය ආරම්භ කළ අතර එහිදී ඔවුන් විරෝධතා පුවරු ගිනි තබන අයුරුද දැකගත හැකිවිය.


පවත්නා වාතාවරණය යටතේ වරායේ පිවිසුම් මාර්ගය වන ඉඟුරු කඩේ මන්සන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද පවතින බව වාර්තා වේ.


මේ අතර ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදා ඇති අතර වරාය පොලීසිය මේ ගැන පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.



Post a Comment