මිහින්තලේ රජයේ රෝහලේ ඖෂධ ගබඩාවට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී එහි ගබඩා කර තිබු ඖෂධ වර්ග කිහිපයක් සොරා ගෙන තිබේ.
අද අළුයම මෙය සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
රෝගීන්ට ඖෂධ නිකුත් කරන කවුළුවක වීදුරුවක් බිඳ එම පිරිස ඖෂධ ගබඩාවට ඇතුළු වී ඇත.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment