මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ කල්පිටිය පාර - ඒත්තාල පදිංචිකරුවෙකු වන ජෝන් සිල්වෙස්ටර් ප්‍රනාන්දු හෙවත් රාසා, මදුරන්කුලිය - නල්ලන්දළුව පදිංවිකරුවෙකු වන අන්තොනි පිල්ලේ ජයශීලන් හෙවත් ක්ෂේවියර් සහ මදුරන්කුලිය - පාලසෝල පදිංචිකරුවෙකු වන සෙබස්තියන් අන්තෝනි පිල්ලේ නම් තිදෙනෙකුටය.
1995 නොවැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී හලාවත පළාත් බද මහාධිකරණ බල සීමාවට අයත් මාම්පූරිය - සේතාපොල ප්‍රදේශයේදී වර්ණකුලසූරිය ක්වින්ටස් ප්‍රනාන්දු යන අයව කපා කොටා ඝාතනය කර ඇති බවට දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් චූදිතයින්ට එරෙහිව නඩු පවරා තිබුණි.
චූදිතයින්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවට ඔවුන් වරදකරු කළ හලාවත පළාත් බද මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කළේය.
රජයේ නීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු සහ සමන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Post a Comment