තේ, කිරි තේ හා ආප්ප මිල අඩුකරන්න


කිරි තේ එකක මිල රුපියල් 25ක්ද, තේ එකක මිල රුපියල් 10ක්ද, ආප්පයක මිල රුපියල් 10ක්ද වශයෙන් අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.


ආපන ශාලා හිමියන්ගේ සංගමය සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළ බව එම අධිකාරිය කියයි.


එහිදී ආපනශාලා හිමියන්ගේ සංගමය අදාළ ඉල්ලීමට එකඟ වූ බවත්, ඒ අනූව ඉහත මිල ගණන් යටතේ අද සිට පාරිභෝගික ජනතාවට සහන ලබාදෙන ලෙස සියලුම ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බවත්, පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.


පසුගිය අතුරු අය වැයෙන් ලබාදුන් සහන අනූව මෙම මිල ගණන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය එම ඉල්ලීම කර තිබේ.



Post a Comment