මීරියබැද්දේ මෙහෙයුම් තවදුරටත්

කොස්ලන්ද, මීරියබැද්ද වතුයායේ සිදුවු නායයෑමෙන් අතුරුදන්වුවන් සොයා සිදුකරන මෙහෙයුම් නොනවත්වා ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අංශ පවසයි.

ඊයේ දිනය වනවිට මළ සිරුරු 05ක් සොයාගෙන ඇති අතර රන් භාණ්ඩ ඇතුළු දේපළ කිහිපයක් ද මෙහෙයුමේ නිරත පිරිස් වලට හමුවී ඇති බව වාර්තා වෙයි.


කාලගුණික සහ වෙනත් දුෂ්කරතා නොතකා සහන සේවකයින් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින බව අද දෙරණ වෙනුවෙන් එම ප්‍රදේශයේ සිට තොරතුරු ගෙන එන තාලුක මුණසිංහ සඳහන් කළේය.


මේ අතර නායයෑමට ලක්වු මීරියබැද්ද කන්දට ආසන්න එස්.කේ කන්ද සහ අම්පිටිය තැන්න ප්‍ර දේශයේ පවුල් 121 ක් පමණ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.


එම ප්‍ර දේශවල ද නායයෑමේ සළකුණු මතුවීම මීට හේතුවී තිබේ.



Post a Comment