අතුරුදහන් කොමිසම අද මුලතිව්වල රැස්වෙයි

අතුරුදන්වුවන් පිළිබද පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු විභාග කිරීම සඳහා අද යළි මුලතිව්හිදී රැස්වීමට නියමිතව තිබේ.

එම කොමිසමේ 08 වන මහජන හමුව වන මෙය ලබන 05 වැනි දින දක්වා පැවැත්වෙයි.


මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අදාළ කොමිසම රැස්වන බව වාර්තාවෙයි.


මේ වනවිට කොමිසමට පැමිණිලි 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර පැමිණිලිකරුවන් දහසකගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන තිබේ.



Post a Comment