පිටබැද්දරට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්

මාතර, පිටබැද්දර ප්‍රදේශයේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යංශය විසින් ඉදිකරනු ලබන මෙම මධ්‍යස්ථානය සඳහා මුල්ගලතැබීම අද දිනයේ සිදුකිරීමට නියමිතය.


පිටබැද්දර ප්‍රදේශයේ අක්කර 45 ක භූමි ප්‍රදේශයක මෙම මධ්‍යස්ථානය ඉදිකිරිමට සැලසුම් කර ඇත.


දැනට පවතින වීරවිල, වටරැක සහ පල්ලෙකැලේ යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට අමතරව මෙම නව මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය.


මාස 06 ක් ඇතුළත මෙම ඉදිකිරිම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.



Post a Comment