බන්ධනාගාර නිලධාරියා යතුරු පැදියෙන් අවසන් ගමන යයි

හොරණ, හේනේගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් බන්ධනාගාර නිලධාරිවරයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


පානදුර සිට රත්නපුර දෙසට ගමන්ගත් මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදි දෙකක සහ විල්බැරෝවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


එහිදී යතුරු පැදියක ගමන්ගත් බන්ධනාගාර නිලධාරිවරයෙකු මියගොස් ඇත.


මියගොස් ඇත්තේ 47 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


අනතුරෙන් අනෙක් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සහ විල්බැරෝව රැගෙන යමින් සිටි පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.


අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.



Post a Comment