මීරියබැද්දේ තව මළ සිරුරු 28ක් තිබිය හැකියි

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අද 7වන දිනටත් ආරම්භ කර තිබේ.

අද පෙරවරුවේ තවත් එක් මළ සිරුරක් සොයාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.


ඒ අනූව නායයෑම සිදුවු ප්‍රදේශයෙන් මේ වන විට සොයාගෙන ඇති පුද්ගල මළ සිරුරු සංඛ්‍යාව 10කි.


එසේම අදාළ ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 28 දෙනෙකුගේ පමණ මළ සිරුරු ඇති බවට විශ්වාසය පළ කරන බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.


මේ අතර අද පස්වරුවේ හම්බන්තොට ප්‍රදේශය මුල්කරගනිමින් සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.


එසේම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ නිවාස 300ක් පමණ ජලයෙන් යටවී ඇත.


මහවැව, දංකොටුව, නාත්තණ්ඩිය, හලාවත, මුන්දලම යන ප්‍රදේශවල නිවාස මෙලෙස ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.



Post a Comment