මාලදිවයින ශ්‍රී ලංකාව ගැන සැකයෙන්!

මාලදිවයිනේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පෙළේ සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට එරට රජය සැක පළ කරයි.

අබ්දුල්ලා ලුත්ෆී නැමැති මෙම සැකකරු මාලදිවයිනේ මීට වසර 26 කට පෙර එරට පැවති ත්‍රස්ත ක්‍රියාකාරකම් මෙහෙය වු පුද්ගලයෙකු බව සඳහන්ය.


කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බව පවසමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මීට වසර කිහිපයකට පෙර සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව මාලදිවයින් ස්වදේශ කටයුතු අමාත්‍ය උමාර් නසීර් ප්‍රකාශ කර තිබේ.


සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා මාලදිවයින් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යාමට නියමිත බව ද ඔහු පවසයි.


මේ අතර 66 හැවිරිදි අබ්දුල්ලා ලුත්ෆී සොයා දෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ද මාලදිවයින් ආරක්ෂක අංශ ප්‍රකාශයට පත්කර ඇත.



Post a Comment