හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් පොලිස් දැලේ

විදේශගතව සිට මෙරටට පැමිණි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.


මීට වසර එකහමාරකට පමණ පෙර මොහු කටාර් රාජ්‍යයට ගොස් ඇති බව සිදුකළ විමර්ශන වලින් අනාවරණය වි තිබේ.


මෙම සැකකරු එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ස්ථාපිත කිරිම සඳහා කටයුතු සැලසුම් කළ ගෝපි සහ තේවියන් යන අය සමඟ ද සබඳතා පවත්වා ඇති බව වාර්තා වෙයි.


පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.



Post a Comment