පොලිස්පති රට යයි

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා නිල සංචාරයක් සඳහා මොනාකෝ රාජ්‍යයට පිටත්ව ගොස් තිබේ.

අන්තර්ජාතික පොලිසියේ 83 වැනි මහ සභා වාරයට සහභාගි වීමේ අරමුණින් පොලිස්පතිවරයා මොනාකෝ රාජ්‍යයට ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


හෙට(03) සිට ලබන 07 වැනි දින දක්වා මෙම මහ සභා වාරය පැවැත්වීමට නියමිතය.


මෙහිදි අන්තර්ජාතික පොලිසියේ නිලධාරින් තෝරාපත් කරගැනිම සහ විධායක සභාව තෝරාගැනිම සිදුවනු ඇත.


ඊට අමතරව ත්‍රස්තවාදය සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ද මෙම සමුළුවේ දි අවධානය යොමුවනු ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



Post a Comment