පාප්වහන්සේගේ සංචාරයට සියල්ල සුදානම්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙරට සංචාරය සම්බන්ධ අවසන් වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙන බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලංකා රජය, වතිකාන සහ ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව පාප්වහන්සේගේ මෙරට සංචාරය සම්බන්ධ අවසන් වැඩපිලිවෙළ සකස් කරන බවයි.


ලබන වසරේ ජනවාරි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරට සංචාරයේ නිරතවීමට සැලසුම් කර තිබේ.


උන්වහන්සේගේ සංචාරය වෙනුවෙන් අමාත්‍යංශ රැසක්ද ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වාර්තා වෙයි.



Post a Comment