සරසවි සිසුන්ටත් එච්.අයි.වී පාඩමක්

එච්.අයි.වී සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

විශ්ව විද්‍යාල සිසුන් සදහා ලබා දෙන නායකත්ව පුහුණුවේ දී අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.


උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව මේ වසරේ සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.


මේ අතර පාසැල්වල ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා ද එච්.අයි.වී සහ ලිංගාශ්‍රිත රෝග පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය. ඒ සදහා අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව මේ වනවිට මුලික කටයුතු සැලසුම් කර ඇත. ලබන වසරේ සිට පැසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment