බගවන්තලාවෙන් ඉන්දියානුවෙක් අල්ලයි

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු බගවන්තලාව, සෙන්විජයන්ස් වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පොලිසිය විසින් සිදුකළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


මෙම ඉන්දීය ජාතිකයාට මෙරට රැදීසිටීමට වීසා නොමැති බව පොලිසිය සඳහන් කළේය.


සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment