යුරෝපා යෝජනා වසර අවසානයට පෙර ඉටුකරනවා

මෙම වසර අවසාන වන විට යුරෝපා කොමිසම විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි ධීවර අමාත්‍යංශය පවසයි.

පසුගිය දා යුරෝපා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට ධීවරයින් විසින් සිදුකරන නීති විරෝධි මසුන් ඇල්ලීම් ඇතුළු කටයුතු නතර නොකළහොත් මෙරටින් මත්ස්‍ය අස්වැන්න ලබාගැනීම නතර කරන බවයි.


ඒ අනුව ඒ සඳහා මාස තුනක කාලයක් යුරෝපා සංගමය විසින් සහනයක් ලබා දී තිබේ.


කෙසේ වෙතත් ජනවාරි 15 වන දින වන විට එම කාලය අවසන්වන අතර ඊට ප්‍රථම යුරොපා සංගමයේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය.


මේ සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව අද දෙරණ කළ විමසීමකදි ධීවර අමාත්‍යංශය සඳහන් කළේ යුරෝපා සංගමයේ ප්‍රධාන යෝජනාව වන යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ධීවර යාත්‍රා සඳහා සවි කිරීම ඉදිරි දිනවලදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.


ඒ අනුව මූලික වටයේ දී ධීවර යාත්‍රා 100ක යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරිම සිදුවනු ඇත.


කෙසේ වෙතත් සෙසු යාත්‍රා වල ද හැකි ඉක්මනින් මෙම සුපරික්ෂණ පද්ධතිය ස්ථාපිත කරන බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.


මීට අමතරව සෙසු යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ද ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.



Post a Comment