ආණ්ඩුව තාමත් ප්‍රතිචාරයක් නෑ

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනට ප්‍රථම ආණ්ඩුව විසින් තම යෝජනාවලිය පිළිබඳව අවසන් තීරණයක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවට ජාතික හෙළ උරුමය පවසයි.

තමන් විසින් පසුගිය දා ආණ්ඩුවට ඉදිරිපත් කරන ලද යෝජනාවලියට මේ දක්වාත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.


අදාළ යොජනාවලිය පිළිබඳව ආණ්ඩුව සමග සිදුකළ සියළු සාකච්ඡා මේ වන විට අවසන් වි තිබේ.


එහෙත් ආණ්ඩුව ඒ පිළිබදව දරණ මතය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.


මේ හේතුව නිසා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දි තමන් ඡන්දය භාවිත නොකළ බව ද ඔහු සිහිපත් කළේය.


කෙසේ වෙතත් ලබන 24 වැනි දින පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසිමේ දි ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තම යෝජනාවලියට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත තීරණය වන බව ඔහු පෙන්වාදුන්නේය.


ඒ අනුව තම යෝජනාවලියට ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති බවට ජාතික හෙළඋරුමය විශ්වාසය පළ කරන බව ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිදුරටත් අද දෙරණට සඳහන් කළේය.


මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය අද දිනයේ ආරම්භ කෙරෙයි.


මෙම විවාදය දින 17ක් පැවැත්වෙන අතර අද දිනයේ දි ජනාධිපතිවරයාට අදාළ වැය ශීර්ෂ විවාදයටගැනිමට නියමිතය.


අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 24 වැනිදා පැවැත්වෙයි.



Post a Comment