වෙළඳසැලක් කොල්ලකෑ පකිස්ථානුවන් 6ක් දැලේ

තෙල්දෙණිය, මොරගොල්ල ප්‍රදේශයේ වෙළඳසැලකින් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පකිස්ථාන ජාතිකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල්දෙණිය පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


මෝටර් රථයකින් ප්‍රදේශයේ වෙළඳසැලකට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි මෙම පකිස්ථාන් ජාතිකයින් පිරිස එම වෙළදසැලෙන් රුපියල් 40,000 ක මුදලක් කොල්ලකා ඇති බව සඳහන් වෙයි.


මේ සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් පකිස්ථාන් ජාතිකයින් පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව පොලිසිය පැවසුවේය.


සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment