සිසු සැරියටත් ජී.පී.එස් එයි

සිසු සැරිය බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා ජි.පී.එස් තාක්ෂණය යොදා ගැනීමට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඇතැම් සිසු සැරිය බස් රථ සේවා විධිමත්ව ධාවනය නොවන බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් මෙම තීරණය ‍ෙගන ඇත.


පුද්ගලික සේවා අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජාතික ගමනාගමන කොමිසම වෙත උපදෙස් ලබා දී තිබේ.


මේ වන විට සිසු සැරිය සේවාව සඳහා පෞද්ගලික බස් රථ ද යොදා ගෙන ඇති බැවින් ඒවායේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පැහැදිලිව පිටතට පෙනෙන ස්ටීකරයක් ප්‍රදර්ශනය කරන ලෙසට ද සී.බී. රත්නායක අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.


සිසු සැරිය බස් රථ 1135 ක් මේ වන විට දිවයින පුරා ධාවනයට යොදා ඇත.



Post a Comment