ප්‍රදේශ දෙකක මීනි මැරුම් දෙකක්

ගිරිඋල්ල සහ තෙලිකඩ ප්‍රදේශවලදි තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

ඊයේ පස්වරුවේ ගිරිඋල්ල හාල්පනේ ප්‍රදේශයේදී අයෙකු විසින් පිහියකින් ඇන 46 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පැවසුවේය.


53 හැවිරිදි සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.


තෙලිකඩ මැදවල ප්‍ර දේශයේ දී තවත් 35 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් සහ මුගුරුවලින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.


මියගිය පුද්ගලයා බුස්ස රෙජ්ජිපුර ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරුවන් ප්‍ර දේශයෙන් පළාගොස් තිබේ.



Post a Comment