කනේරූ ඇට කෑ දරුවා මියයයි

කනේරූ ඇට ආහාරයට ගැනීම හේතුවෙන් තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ දරුවෙකු මියගොස් තිබේ.

සිය සොහොයුරා සමඟ ඇති වු හිත් අමනාපයක් හේතුවෙන් අදාළ දරුවා විසින් කනේරූ ඇට ආහාරයට ගෙන ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.


මියගොස් ඇත්තේ 13 හැවිරිදි දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment