අතුරුදහන් කොමිසමට තවත් පැමිණිලි 175ක්

මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සැසිවාරයේ දී පුද්ගලයින් 175 දෙනෙකුගේ පැමිණිලි සටහන් කරගෙන ඇති බව එම කොමිසම පවසයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ මැරිටයිම්පත්තු සහ ඔඩ්ඩුසුඩාන් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී අදාළ පැමිණිලි සටහන් කරගැනීමේ කටයුතු සිදුකෙරුණි.


ඒ අනුව කොමිසමට මේ වන විට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 19,766ක් බව වාර්තා වෙයි.


අදාළ පැමිණිලි අතර ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් ලද පැමිණිලි 5000ක් ද වන බව එම කොමිසම සඳහන් කළේය.



Post a Comment