කුවේට් දේශයේ කුඩු විකුණු ලාංකිකයා මාට්ටු

හෙරොයින් ජාවාරමේ නිරතව සිට ශ්‍රී ලාංකිකයෙකු කුවේට්, ජහරා ප්‍රදේශයේදී අත්අඩංගුවට ‍ගෙන තිබේ.

හෙරොයින් විකිණීම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.


මේ අතර කුවෙට් ජාතික කාන්තාවකගේ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් තවත් ලාංකික පුද්ගලයෙකු සම්බන්ධයෙන් කුවෙට් පොලීස් ස්ථානයක් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තාවෙයි.


අදාළ ශ්‍රී ලාංකික‍යා කුවෙට්හි රියදුරෙකු වශයෙන් කටයතු කර ඇති තිබේ.


එහිදි නිවෙස්හිමි කාන්තාව විසින් ශ්‍රී ලාංකිකයාට අදාළ මුදල් බැංකුගත කරන ලෙස ලබාදී ඇත.


අදාළ ශ්‍රී ලාංකිකයා මුදල් ‍තොගය බැංකුගත නොකර ඇති අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව විදේශ වාර්තා‍ පෙන්වා දෙයි.


අදාළ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් කුවෙට් පොලිස් ස්ථානයක් විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.



Post a Comment