වීසා නැතිව සිටි ඉන්දියානුවා යළි රිමාන්ඩ්

වීසා නොමැතිව වසර 19 ක කාලයක් මෙරට රැඳී සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු ලබන 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කර ඇත.


සැකකාර ඉන්දිය ජාතිකයාට එරෙහිව අධි චෝදනා ගොනු කිරීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු විමර්ශන සටහන් නීතිපතිවරයා වෙත යවන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර පොලිසියට නියෝග කර තිබේ.


මෙරට රැඳී සිටි කාලය තුළ සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍ර සහ ලිපි ලේඛන යොදා ගනිමින් විදෙස් රටවලට ගොස් ඇති බවට ද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.



Post a Comment